භාවිතයට නුසුදුසු ලක්ෂ විස්සක පොලිතීන් ටොන් 05ක් සොයා ගනී

Share

පානදුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිතීන් ආහාර දවටන නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී භාවිතයට නුසුදුසු පොලිතීන් ටොන් 05 ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම පොලිතීන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බවටයි සඳහන් වන්නේ.

නීති විරෝධී පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කරන ලද අදාළ කර්මාන්තශාලාවේ හිමිකරු එහිදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News