Tuesday, March 19, 2024.

අායුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

බොරලැස්ගමුව, කහටගහවත්ත ප්‍රදේශයේ තියුණු අායුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

මිය ගිය පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇති අතර එම අවස්ථාවේදී බිරිඳගේ පෙර විවාහයේ පුතෙකු විසින් අදාළ ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වේරහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News