ගිනි අවි දෙකක් සමඟ 2ක් මාට්ටු

Share

විදේශීය රටක නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන පතරොම් තුවක්කුවක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්‍ර නොමැතිව සිය නිවෙස් තුළ සගවාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද(16) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

කන්දකැටිය පොලිසිය වෙත ලද ඔත්තුවක් මත සිදුකළ වැටලීමකදී ඔවුන්ගේ නිවෙස්වල සඟවා තිබූ තුවක්කු දෙක සැකකරුවන් දෙදෙනා ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43ක හා 32ක පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් සමඟ ගිනි අවි දෙක අද බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණිවීමට නිමිතයි.

වැඩිදුර පරීක්ෂණ කන්දකැටිය පොලිසිය පවත්වයි.

Read more

Local News