වන අලියෙක් වලේ වැටෙයි

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලකට වන අලියෙකු ඇද වැටී තිබේ.

මෙම වන අලියා ඊයේ රාත්‍රි ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිලියේ වලට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

වන අලියා ඇද වැටීම නිසා අලියාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර අද(18) උදෑසන කාලයේ සිට වැල්ලවාය වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනඅලියා ගොඩ ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගෙන ඇත.

මෙලෙස ඇද වැටුණු වනඅලියා වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසක පසුවන බව වනජීවි නිලධාරීන් පවසන අතර වල තුලට ඇද වැටිමේන් අලියාගේ භාහිර හා ශරීරය ඇතුළත දැඩි තුවාල හා හානී සිදු වී ඇති බව වනජීවි නිලධාරීන් කියයි.

මෙම ප්‍රදේශයට සෑම දිනකම පාහේ වනඅලි කඩා වදින අතර පසුගිය සතියේ දී එලෙස ගම් වැදුනු වනඅලියෙකු සිදු කල ප්‍රහාරයකින් දිවුල් ඇහිදීම සඳහා ගිය තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් විය.

Read more

Local News