අත්තනකඩවල මිහිදු ජයන්ති පිරිවෙණේ පිරිවෙන් ශාලාව ජනපති විවෘත කරයි

Share

රුපියල් ලක්ෂ 90ක් වැය කරමින් අත්තනකඩවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම මිහිදු ජයන්ති පිරිවෙණේ අභිනවයෙන් ඉදිකෙරුණු පිරිවෙන් ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (04) විවෘත කෙරිණි.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර විහාරාධිපති ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ තමන්කඩුව පළාතේ මින්නේරිය කොට්ඨාසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කලත්තෑවේ පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව පිරිවෙන් ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා පිරිවෙනෙහි සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ස්වාමින් වහන්සේලා පස් නමක් වෙනුවෙන් පොත් කට්ටල පිළිගැන්වීය.

Read more

Local News