මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ධීවරයින් 100ක් අත්අඩංගුවේ

Share

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 100කට ආසන්න පිරිසක් තවදුරටත් මෙරට අත්අඩංගුවේ පසුවන බව නාවික හමුදාව පවසයි.

මීට අමතරව ඉන්දීය ටෝලර් යාත්‍රා 152ක් මෙරට බලධාරීන් භාරයේ ඇති බව ද නාවික හමුදාව සදහන් කළේය.

කෙසේවෙතත් මෙම ටෝලර් යාත්‍රාවලින් 130ක් නිදහස් කර ඇති අතර ඒවා රැගෙන යන ලෙස ඉන්දීය බලධාරීන්ට දැනුම් දී ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ටෝලර් යාත්‍රා 22ක් මෙරට භාරයේ පවතින බව නාවික හමුදාව සදහන් කළේය.

Read more

Local News