රිය අනතුරේන් මව සහ දියණිය ජිවිතක්ෂයට

Share

කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් අද(19) උදෑසන අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරකින් මවක් සහ කුඩා දරුවෙකු මියගොස් තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දියණිය තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී බිරිඳ සහ දියණිය මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 03 ක් වූ දියණිය යි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන තංගල්ල පොලිසිය සිදු කරයි.

Read more

Local News