බුත්තල මාරක රිය අනතුරකින් අයෙක් මරුට

Share

බුත්තල මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ දී අද(20) අලුයම 5.30ට පමණ සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

සියඹලාව දේවාලයේ වන්දනාවේ ගිය මාළබේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන් ගත් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී තිබෙන බවටයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මාළබේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වන අතර තුවාල ලැබූ අනෙක් පස් දෙනා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිවුදෙනකු මොණරාගල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඔවුන්ගෙන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News