කථානායකගෙන් රංජන්ට දැනුම් දීමක්

Share

කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනම් ඒ පිළිබඳව ලිඛිතව දිනුම් දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව දැනුම්දීම සඳහා රන්ජන් රාමනායක අමාත්‍යවරයා කථානායකවරයාට දුරකතන ඇමතුම්ක් ලබාදී ඇති අතර එහිදී කථානායකවරයා ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මෙතෙක් ඒ පිළිබඳව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුම්දී නොමැති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

Read more

Local News