ගජමුතු දෙකක් සමඟ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට

Share

අනුරාධපුර බස්නැවතුම්පළ අසලදී අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ ගජමුතු 02ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

අදාළ සැකකරුවන් දෙදෙනා විසින් මෙම ගජමුතු දෙක ලක්ෂ 10කට පමණ අලෙවි කිරීමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා තාලව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 43, 48 හැවිරිදි පුද්ගලයන් වෙයි.

අනුරාධපුර වනජීවි කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News