තුවක්කුවෙන් හෝ අපචාර මගින් කාශ්මීරයට සාමය උදාකළ නොහැකියි – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

Share

තුවක්කුවෙන් හෝ අපචාර මගින් කාශ්මීරයට සාමය උදාකළ නොහැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ සියරටේ හැත්තෑ වෙනි නිදහස් දින සමරුවට සහභාගී වෙමිනි.

නව දිල්ලි අගනුවර රතු බල කොටුවේ සිට තවදුරටත් අදහස් දැක්වූ අගමැති මෝදි , කාශ්මීර් බෙදුම්වාදීන් ‘කුමන්ත්‍රණකරුවන්’ යයි පවසමින් ඔවුන්ට චෝදනා කළේය.

නිදහස ලැබීමෙන් අනතුරුව ගෙවී ගිය දශක හත පුරාම ඉන්දියාව සහ පකිස්තානය කාශ්මීර් භූමිය මුල්කර ගත් අරගලයක පැටලී සිටිති.

ඉන්දීය හමුදා සහ කාශ්මීර් විරෝධතාවාදීන් අතර ගැටුමක්
ඉන්දීය හමුදා සහ කාශ්මීර් විරෝධතාවාදීන් අතර ගැටුමක්

ඉන්දියානු හමුදාව සහ විරෝධතාවාදීන් අතර නිරන්තරයෙන් සිදු වෙමින් පවතින ගැටුම් නිසා ව්‍යාකූල තත්වයක් පවතින ඉන්දු කාශ්මීරයේ ගැටළු නිරාකරණය කර ගත හැක්කේ ‘ඔවුනොවුන් වැළඳ ගැනීම මගින්’ පමණක් බවත් අගමැති මෝදි පෙන්වා දෙයි.

ඉන්දියානු ජාතික නිදහස් දිනය උදා වන්නේ අගෝස්තු 14 වෙනිදාට යෙදෙන පකිස්තාන් නිදහස් දිනයෙන් දවසකට පසුවයි.

සිය නිදහස් දින කතාව මගින් ඉන්දියානුවන්ට පණිවුඩයක් දුන් නරේන්ද්‍ර මෝඩි “අහිමි පාරාදීසය” යළි පියෙවි තත්වයට ගෙන ඒම සඳහා එක්ව නැගී සිටින මෙන් ඉල්ලීමක් ද කළේය.

උතුරු ඉන්දියාවේ රජයේ රෝහලක ඔක්සිජන් වායුව නොමැති කමින් මරණයට පත් දරුවන් හැට දෙනා සිහිපත් කළ අගමැතිවරයා,එම දරුවන් අහිමි වීමෙන් විපතට පත් පවුල් සමඟ එක්වෙන ලෙසත් ඉල්ලා සිටියේය.

තලාක් දික්කසාදයට එරහි මුස්ලිම් කතුන්ට අගමැති මෝදි සිය සහයෝගය පළ කරයි
තලාක් දික්කසාදයට එරහි මුස්ලිම් කතුන්ට අගමැති මෝදි සිය සහයෝගය පළ කරයි

“තලාක්” දික්කසාද ක්‍රමයට එරෙහිව නෛතික අරගලයක නිරත වෙමින් සිටින මුස්ලිම් කාන්තාවන්ට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සිය සහයෝගය පළ කළේය.

ඒ අතරම ප්‍රචණ්ඩ කුපිතකාරී ක්‍රියා ක්‍රියා ඇවිස්සීමට ආගම පාවිච්චි කරන කණ්ඩායම් ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය.

Read more

Local News