2015 වසරේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අවධානය

Share

2015 වර්ෂයේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මේ සම්බන්ධයෙන් වැටුප් කොමිෂම සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් පවතින බවද රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ අනුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News