සීමාව උල්ලංඝණය කළ මෙරට ධීවරයින් 25ක් ඉන්දීය අත්අඩංගුවට

Share

ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ‍්‍රී ලාංකික ධීවරයින් 25 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ නාගපට්නම් ප‍්‍රදේශයට ආසන්න කිලෝමීටර් 94 ක දුරින් වූ ඉන්දීය මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිතර වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ධීවර යාත‍්‍රා 05 ක සිටි ශ‍්‍රී ලාංකික ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ කිලෝග‍්‍රෑම් 4 200 ක මත්ස්‍ය තොගයක්ද ඔවුන් සතුව තිබී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත‍්‍රා ඉන්දියාවේ කරයිකාල් ධීවර වරාය වෙත රැගෙන යාමට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මූලික විමර්ශනවලින් අනතුරුව ඔවුන් තමිල්නාඩු වේදරනායම් පොලිසිය වෙත භාරදී තිබේ.

Read more

Local News