වර්තමාන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිමට දරන උත්සහය ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිමට උත්සහ දරන්නේ දැනටමත් රජයේ සිටින රාජ්‍ය අමාත්‍යවරයෙකු නියෝජනය කරන දේශපාලන පක්ෂයක් සමඟ ගිවිසුම් ගත විමෙන් බවයි.
එම පක්ෂයේ නායකයා සහ තවත් තිදෙනෙක් එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ කොට ජයග්‍රහණය කර වර්තමාන රජයේ අමාත්‍යධුර දරණ බව ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කථානායකවරයා ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලින් පළ ප්‍රයෝජනයක් නොමැති බවත් උපදේශක කාරක සභා ඵලදායක බවත් එම සාකච්ඡාවේදී විපක්ෂනායකවරයා පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.
මෙම සාකච්ඡාවට එක් වූ ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුරට පත්වන තෙක් විපක්ෂනායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු හසුරුවන ලද්දේ රජය විසින් බවයි.