කටුනායක අධිවේගයේ එක් මංතීරුවක් තාවකාලිකව වැසේ

Share

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ වසා තැබේ.

මේ හේතුවෙන් අදාල ස්ථානයන්හි රථ වාහනවල වේගය සඳහන් කර ඇති වේග සීමාවන්ට අනුකූලව තනි මංතීරුවේ ආරක්ෂාකාරි ලෙස ධාවනය කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය සියලු රියදුරන්ට දැනුම් දෙයි.

මේ මස අවසන් වන තෙක් අදාල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සිදු වන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

Read more

Local News