කසල තේ ප්‍රවාහනය කරමින් සිටි 3ක් අත්අඩංගුවට

Share

මාවතගම, පරගහපිටිය ප්‍රදේශයේදී කසල තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථ දෙකකින් කසල තේ ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී කසල තේ කිලෝග්‍රෑම් 10140ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් හා 29ක් වු අම්බැක්ක, හංදෙස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද(21) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාවතගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News