වෙල්ගමගේ නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන මසදී

Share

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මාර්තු මස 22 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති යනුවෙන් තනතුරක් නිර්මාණය කර රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් වේල්ගම හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි.

මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ අනුව එය විභාග නොකොට විත්තිකරු නිදහස් කරන ලෙසත් ඉල්ලමින් කුමාර වෙල්ගම පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

එම මූලික විරෝධතාව පිළිගෙන නඩුව විභාග කරන්නේද නැද්ද යන නියෝගය ලබන මාර්තු මස 22 වනදා ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරිය නියම කළේය.

Read more

Local News