පොලිස් රථ වාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩරය සොයා විමර්ශන අරඹයි

Share

බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා බම්බලපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අද (24) අලුයම 4.35ට පමණ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඩුප්ලිබුලස් හංදියේදී කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ස්ථානාධිපතිවරයා ගමන් කළ යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටී ඇති අතර අනතුරෙන් පසු ඩිෆෙන්ඩර් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇති බව සඳහන් වෙයි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍ර යන අය බරපතළ තුවාල ලබා තිබේ.

විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී එම නිලධාරියා මෙම අනතුරට ලක්ව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News