ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ ජාතික සම්මාන උළෙල අද

Share

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ ජාතික සම්මාන උළෙල 2017, අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය ක්‍රියාත්මක කරමින් ලබා දී ඇති ඉලක්ක ළගා කරගත් රාජ්‍ය නිලධාරීන් වෙත සම්මාන හා සහතික පත් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුවිය.

විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ ජනතාව අතරට ගෙනයමින්, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇගයීමට ලක්කිරීම සදහා මෙම සම්මාන උත්සවය වාර්ෂිකව සංවිධානය කෙරේ.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප්ලාභීන් නොවන සියලූ දෙනා වෙත විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සැලසීම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කාර්යභාරය වන අතර එමගින් ස්වයං රැකියා නියුක්තිකයින්, පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්, විදේශ සේවා නියුක්තිකයන්, කලාකරුවන්, දේශීය වෛද්‍යවරුන් ආදී සෑම සේවා නියුක්ති ස්ථරයක්ම ආවරණය කෙරේ.

Read more

Local News