කඩුවෙල – බියගම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සිට සීමා කෙරේ

Share

කඩුවෙල සිට බියගම දක්වා මාර්ගයේ ගමනාගමනය අද(26) සිට මාර්තු 2 දක්වා සීමා කිරීමට සිදුවනු ඇති බව පොලීසිය පවසයි.

ඒ කඩුවෙල පාලමේ අළුත්වැඩියා කටයුත්තත් හේතුවෙනි.

ඒ අනුව පෙබරවාරි 26 වන දින සිට මාර්තු 2 දක්වා සෑම දිනකම රාත්‍රී 10 සිට අළුයම 5 දක්වා මාර්ගය වසා තිබේ.

මේ සඳහා විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලම භාවිතා කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

Read more

Local News