දිවයිනේ බොහෝ පළාත්වලට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ බොහෝ පළාත්වල අද(06) රාත්‍රියේ විශේෂයෙන් දකුණු අර්ධයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වල ද තද වැසි අපේක්‍ෂිතය.  ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

එසේම අකුණු අනතුරවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

මේ අතර දිවයිනට බටහිර, දකුණ සහ නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනට බටහිර, දකුණ සහ නැගෙනහිර දෙසින්වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළ ද අපේක්‍ෂිත ය. ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වේ.

Read more

Local News