චීනයේ නිෂ්පාදිත C919 වර්ගයේ ගුවන් යානාවක් පළමු වරට ජාත්‍යන්තර ගුවන් මාර්ගයක වාණිජ ගුවන් ගමන් අරඹයි

Share

Air China සමාගමට අනුව, ඊයේ(12) පස්වරු 3.00ට පමණ අංක CA723 දරන C919 වර්ගයේ ගුවන් යානාව බෙයිජිං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වී මොංගෝලියාවේ උලාන්බාතර් (Ulaanbaatar) අගනුවර වෙත ළඟා විය.
චීනයේ නිෂ්පාදිත C919 වර්ගයේ ගුවන් යානාවක් ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයයි. C919 වර්ගයේ ගුවන් යානාව, ජාත්‍යන්තර පොදු සම්මුතීන්ට අනුකූලව චීනය නිෂ්පාදනය කළ ස්වාධීන බුද්ධිමය දෙපළ අයිතිවාසිකම් සහිත මගී ගුවන් යානයකි. 2023 වසරේ මැයි මස 28 වනදා එය ප්‍රථම වාණිජ ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත.
චීන වාණිජ ගුවන් යානා සංස්ථාවේ දත්තවලට අනුව, පසුගිය 10 වැනිදා දක්වා චීනයේ Air China, China Eastern Airlines සහ China Southern Airlines යන ප්‍රධාන ගුවන් සමාගම් තුන ගුවන් ගමන් මාර්ග 57ක් C919 ගුවන් යානා භාවිත කරමින් නගර 25ක් සම්බන්ධ කර ඇත. එහිදී ආරක්ෂිත ප්‍රවාහනය කළ මගී වාර සංඛ්‍යාව මිලියන 7.5කට අධිකය.

Read more

Local News