චීනයේ හිටපු අගමැති ජූ රොංජි(Zhu Rongji) අභාවප්‍රාප්ත වෙයි. මියයන විට හෙතෙම 98 වන වියෙහි පසු විය. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ(12) බෙයිජිංහිදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 14 වන සහ 15 වන මධ්‍යම කාරක සභාවල දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
ජූ රොංජි චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පක්ෂ සාමාජිකයෙකු මෙන්ම අඛණ්ඩ ව පක්ෂපාතී කොමියුනිස්ට් සටන්කාමියෙකු ලෙස කැපීපෙනෙන සේවයක් සිදු කර ඇත. එමෙන්ම කම්කරු පන්තියේ සහ ශ්‍රමික ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ විප්ලවාදීයෙකු වූ හෙතෙම විශිෂ්ට රාජ්‍ය නායකයෙකු මෙන්ම පක්ෂයේ සහ රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ලෙස නොමද ගෞරවයට ද පාත්‍ර වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය
Share
Read more



