එල්.එන්.ජි. බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය ගැන සොයන්න කමිටුවක්

Share

කෙරළවලපිටිය එල්.එන්.ජි.බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි.

එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර ඇති බව සඳහන්ය.

මෙම කමිටු වාර්තාව සතියකින් ලබාදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කමිටුව දැනුම් දී ඇති බව සඳහන්ය.

අදාළ කමිටුව අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.

Read more

Local News