ත්‍රිමාන තාක්‍ෂණයෙන් ප්‍රතිකාර ලබන මාසයේ සිට

Share

ත්‍රිමාන සෞඛ්‍ය තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කිරීම ලබන මාසයේ සිට කොළඹ ජාතික රෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ 26 වැනි වාර්ෂික සැසිවාරය සහ නව වෛද්‍ය පර්යේෂණ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට කොළඹ ගලදාරි හෝටලයේ දී එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ එම සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

Read more

Local News