ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගත් 3ක් අත්අඩංගුවට

Share

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් තිදෙනෙකු දඹූල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී විවිධ බැංකු වල විසා කාඩ්පත් 13ක් සහ ජාතික හැදුණුම්පත් 02ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

වෙනත් පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් පත් භාවිතා කරමින් සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මාරවිල, මහනුවර, මාතර, ගාල්ල, මතුගම, දඹුල්ල සහ කුරුණැගල යන අධිකරණ වල නඩු පවරා ඇති බව ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(27) දඹූල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දඹූල්ල පොලීසිය සිදු කරයි.

Read more

Local News