බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 2ක් කොටු වෙයි

Share

බගවන්තලාව පොලිස් වසමේ තේරේසියා වත්ත ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පාෙලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 හා 58 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

මෙම සැකකරුවන්ට ලබන මස 5 වනදා හැටන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටින ලෙසට දැනුම් දී පාෙලිස් ඇප මත මුදා හැර ඇත.

බගවන්තලාව පාෙලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News