සොඳුරු අනාගතයකට චීන හා ඇමරිකා තරුණ ප්‍රජාවට දායක විය හැකි බව චීන ජනපති කියයි

Share

නව යුගයේ සොඳුරු අනාගතය නිර්මාණය කිරීමේ කාර්යභාරය සඳහා චීන හා ඇමරිකා තරුණ ප්‍රජාවට දායක විය හැකි බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.
පසුගියදා Harvard විශ්වවිද්‍යාලය ඇතුළු ඇමරිකානු විශ්වවිද්‍යාල 10ක සිසුහු සියයකට ආසන්න පිරිසක් සංස්කෘතික හුවමාරු වැඩසටහන් සඳහා චීනයට පැමිණියහ. ඔවුන් චීනයේ රැඳී සිටි කාලයේ ලද අත්දැකීම් සටහන් කරමින් දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීම වෙනුවෙන් දායක වීමට කැමැත්ත පළ කරමින් චීන ජනාධිපතිවරයා වෙත ලිපියක් ‍යොමු කර තිබේ. චීන ජනාධිපතිවරයා එම ලිපියට පිළිතුරු දී ඇත.
එකම මිහිතලයක ජීවත් වන චීන හා ඇමරිකානු තරුණයින්ට පොදුවේ යුගයේ කාර්යභාරයන් ඉටු කිරීමට දායක විය හැකි බව හෙතෙම එම ලිපියෙහි සඳහන් කර තිබිණ. දෙරට තරුණ ප්‍රජාව චීන-ඇමරිකා මිත්‍ර සහයෝගිතාවයෙහි උරුමකරුවන්, සුරකින්නන් හා සංවර්ධකයන් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read more

Local News