මිලියන 120ක හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

Share

කුලියාපිටිය පොලිස් වසමේ දී ඊයේ(27) රාත්‍රීයේ හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරු පැදියකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ක් සමඟ යමින් සිටි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හා ඔහුගේ නිවස පරීක්ෂා කර තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් ‍පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වු නාගොල්ලාගොඩ, අඹගස්ගෙදර පදිංචි තරුණයෙකි.

අත්අඩංගුවට පත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 120 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News