ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

Share

පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ප්‍රහාරක ගුවන් නියමුවා කඩිනමින් නිදහස් කරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම සිය දේශ සීමාවේ ආරක්ෂාව තර කිරීමටත් ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඊයේ(27) දිනනයේදී ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා 3ක් පාකිස්තාන දේශ සීමාවට ඇතුල්වී ඇති අතර පාකිස්තාන ප්‍රතිප්‍රහාර හමුවේ එම යානා දෙකක් කඩාවැටුණු බවත් එක් යානයක් පාකිස්තාන සීමාවට සහ අනෙක් යානය ඉන්දියානු සීමාවට කඩාවැටුණු බවත් පාකිස්තාන වාර්තාවල සඳහන් වෙයි.

පාකිස්තානයට කඩාවැටුණු යානයේ සිටි නියමුවා එරට හමුදා බලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර ඔහු පෙනී සිටින වීඩියෝ පටයක්ද පාකිස්තාන හමුදාව ප්‍රසිද්ධියට පත්කර තිබේ.

පාකිස්තාන භාරයේ පසුවන බව පවසන ප්‍රහාරක ගුවන් නියමුවාව ආරක්ෂිතව සහ ඉක්මණින් නිදහස් කරන ලෙස ඉන්දීය රජය මේ වන විට ඉල්ලා තිබේ.

Read more

Local News