“ජල අභිමානි“ ව්‍යාපෘතියෙන් ගම් දහසකට පානීය ජලය

Share

ගම්මාන දහසකට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ “ජල අභිමානි“ ව්‍යාපෘතියේ මාතලේ දිස්ත්‍රික් සමාරම්භ උත්සවය මාර්තු 01 දින පෙ.ව. 9.30ට නාඋල ඕපල්ගල ගම්මානයේදී පැවැත්වෙයි.

ජාතික ප්‍රජා ජල සැපැයුම් දෙපාර්තමේන්තුවේ මාතලේ ස්ථානභාර භාර නිලධාරි එච් .බී. විජේසිංහ මහතා මේ බව පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම නව ව්‍යාපෘතිය මගින්  ජලසම්පාදන මණ්ඩලය හෝ වෙනත් කිසිදු ව්‍යාපෘතියකින් ආවරණය නොවන ගම්මාන දහසක් සඳහා පානීය ජලය ලබාදීමට අපේක්ෂා කෙරේ.

ජල අභිමානි ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 23ක් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.

එක් ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 1 සිට 10 දක්වා මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන අතර ජාතික ජල සැපැයුම් දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලබයි.

Read more

Local News