ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීම පුළුල් කිරීමට Maersk Holdings මැදිහත් වෙයි

Share

Maersk Holdings හි ප්‍රධාන විධායක නිලධාරි සොරෙන් සේකාව් (Soren Skou) මහතා ඊයේ(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීමේ ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම පිළිබඳ Maersk Holdings හි දායකත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව මේ වන විට Maersk Holdings ආයතනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද කියා සිටියේ ය.

කොළඹ වරායේ බහාලුම් ප්‍රවාහනය පුළුල් කිරීමට මේ හරහා පහසුකම් සැලසෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එයින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල සහයෝගයක් ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

Read more

Local News