වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගීන් 8287ක්

Share

2019 වර්ෂයේදී මේ වන ව්ට ඩෙංගු රෝගීන් 8287ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි.

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1967 ක්, ගම්පහින් රෝගීන් 1068 ක් සහ යාපනය දිස්ත‍්‍රික්කයෙන් රෝගීන් 1268 ක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 05 ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ඩෙංගු රෝගය මැඩ පැවැත්වීම සඳහා ජාතික ඩෙංගු මර්ධන ඒකකය දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබෙන බව ද සඳහන් වෙයි.

Read more

Local News