අර්ජුන ගැන තීන්දුව ගන්න අධිකරණය නීතිපතිට කල් දෙයි

Share

මෑතකදී ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියේදී පුද්ගලයකුට පහර දුන්නේ යැයි සැකකෙරෙන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අප්‍රේල් මස 25 වනදා තෙක් කල් ලබා දුන්නේය.

මෙම පැමිණිල්ල අද(01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පැමිණිල්ල මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බවත් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා දිනයක් ලබා ගන්නා මෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමන්ට දන්වා ඇති බවයි.

ඒ අනුව පැමිණිල්ල නැවත ලබන අප්‍රේල් මස 25 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඉදිරියට නීතිපතිවරයාගේ උපදෙස් කුමක්ද යන්න අධිකරණය දැනුවත් කරන මෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

Read more

Local News