සෝභිත හිමියන් අපවත් වී 08වනදාට වසර දෙකක්

Share

2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී ලබන බදාදා(08) දිනට වසර දෙකක් සම්පූර්ණ වේ.

මේ නිමිත්තෙන් ලබන 08 වැනිදා පෙරවරු 9.00 ට බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී සෝභිත හිමි ස්මාරකයට මුල් ගල තැබීම සිදු වේ.

‘සාධාරණ සමාජයක ප‍්‍රාර්ථනාව’ යන තේමාව යටතේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිත ගුණ සමරු උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහාචාර්ය සරත් විජේසූරිය මහතා දෙසුම් පවත්වති. එහි ස්තූති කතාව පවත්වනු ලබන්නේ කතානායක කරු ජයසූරිය මහතා විසිනි.

Read more

Local News