කාර්මික දෝෂයක් නිසා ගුවන් යානයක් කටුනායකට

Share

කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද(01) දින දහවල් ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙය ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී.- 55 දරන ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය අද උදෑසන 9.42 ට හොංකොං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති අතර, යානයේ ටයර් පද්ධතිය මෙසේ කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැසීමක් සිදු කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වූ මෙම ගුවන් යානය ඇති වූ කාර්මික දෝශය නියමුවා විසින් අනාවරණය කර ගැනීමෙන් පසු, වහාම ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් දැනුවත් කිරීමට ගුවන් නියමූවා පියවර ගෙන තිබුණි.

පසුව ගුවන් යානය මුහුදු ප්‍රදේශයේ දී වඩාත් පහතට රැගෙන ආ ගුවන් නියමුවා, යානය තුළ වූ ඉන්ධන සියල්ලම මුහුදට මුදා හැරීමට පියවර ගෙන තිබුණි.

Read more

Local News