විදුලි බිලෙන් සියයට 50ක් කපා හරින ”කිලර් වොට්” දැන් වෙළෙඳ පොලේ

Share

එදිනෙදා නිවසේ භාවිතා කරන විදුලි උපකරණ අතුරින් ශීතරකරණය හා වායුසමීකරණ යණ්ත්‍ර යනු විදුලිය පරිභෝජනය ඉහළ නංවන විදුලි උපකරණ වේ. ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර භාවිතයෙන් වන විදුලි පිරිවැය අඩු කර ගැනීමට විදුලි පාරිභෝගිකයින් විවිධ උක්‍රම අත්හදා බලන අතර ඒ අතුරින් වැඩිම පිරිසක් සිදු කරන්නේ ශීතකරණය හෝ වායුසමීකරණ යණ්ත්‍ර කෙටි කාලයකට ක්‍රියා විරහිතව තැබීමයි. මින් කිසියම් ප්‍රමාණයකට විදුලිය පිරිමසා ගැනීමක් කර ගත හැකි වුවත් ඉන් අදාල උපකරණවලට හා විශේෂයෙන්ම ශීතකරණයකනම් එහි තබා ඇති ආහාර ද්‍රව්‍ය වලට සිදුවන අලාභය හා සැසදීමේදී සත්‍ය වශයෙන්ම මෙම උපක්‍රමය මගින් ලාභයක් ලබා නැත.

මේ සියලු ගැටළුවලට ස්ථිර සාර විසදුමක් දැන් ඇත. ඒ ”කිලර් වොට් ” උපකරණයයි. ”කිලර් වොට්” මගින් ගෙදරක විදුලි බිල සියයට තිහේ සිට සියයට හතළිහ දක්වා අඩු කර ගත හැක. ඒ කෙසේද යත් දොර දෙකේ ශීතකරණයක් ඇති මාසිකව විදුලි ඒකක 120 ක් පාවිච්චි කරන පවුලකට ”කිලර් වොට් ” උපකරණය පාවිච්චියෙන් මාසික විදුලි බිල සියයට පනහක් දක්වා අඩු කර ගැනීමට හැක.

බ්‍රාවෝ සොලියුෂන්ස් ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදා හරින ”කිලර් වොට් ” උපකරණය සෑම කෙනකුටම දැරිය හැකි පහසු මිලක් වන රු. 4, 900 කට දැන් දිවයින පුරා ඇති ආරිපිකෝ හා දම්රෝ යන වෙළෙඳසල්වලිනි වලින් මිලදී ගැනීමේ හැකියාව ඇති අතරම නොමිලයේම නිවසට ප්‍රවාහනය කර දීමේ සේවාවක්ද ක්‍රියාත්මක කර ඇත.

”කිලර් වොට් ” උපකරණයේ පේට්න් බලපත්‍ර ලාභීත්වය ඇති බ්‍රාවෝ ෂොලියුෂන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ කමල් එදිරිසිංහ ස්වීඩනයේ අධ්‍යාපනය ලබමින් සිටින අවධියේදී තමා නැවතී සිටි කාමරයේ විදුලි බිල අඩු කර ගැනීමට සෙවූ පිළියම් වල ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ”කිලර් වොට් ” උපකරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

”ඇත්තටම සාමාන්‍ය ගෙදරක වැඩිපුරම විදුලිය වැය වෙන්නේ ශීතකරණයට. දොර දෙකේ ශීතකරණයකට ඒකක 55 සිට 60 දක්වා ප්‍රමාණයක් වැයවෙනවා. සාමාන්‍ය මධ්‍යම පන්තික නිවසක වායු සමීකරණ පාවිච්චි වෙන්නෙ විරලව. ගෘහස්ථ වායු සමීකරණ යන්ත්‍රයකට මාසයකට වැයවන විදුලි ඒකක ගණන ඒකක 130 සිට 300 දක්වා වෙනවා. මේ විදුලි උපකරණ දෙවර්ගය තමයි දවස පුරාම අඛණ්ඩව නිවසක භාවිත කරන්නේ. විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි ඉස්ත්‍රීක්ක වැනි උපකරණ අපි නිතරම පාවිච්චි කරන්නෙ නෑ. ඒ නිසා ඒවා පාවිච්චියෙදි වැයවන විදුලි ප්‍රමාණය අපි දිනකට පරිභෝජනය කරන විදුලිය එක්ක බලනකොට පොඩි අගයක්.

”කිලර් වොට් ” උපකරණය නිර්මාණයේ මූලික සිද්ධාන්තය වුණේ ශීතකරණයට හෝ වායුසමීකරණ යන්ත්‍රයට ලබා දෙන විදුලිය පාලනයක් සහිතව ස්වයංක්‍රීයව සුළු වේලාවක් නිවා දැමීමයි. එය අපේ සමහරු කරනවා වාගේ රාත්‍රී කාලයට ශීතකරණය ක්‍රියා විරහිත කරදමා දවාලට සක්‍රීය කරන ඉතා අවිධිමත් ක්‍රමය නොවෙයි. කොටින්ම මින් සිද්ධ වෙන්නෙ විදුලිය ආරක්ෂා කරගන්නා මට්ටම් 9 ක් සහිතව එන ”කිලර් වොට් ” උපකරණයෙන් අප විසින් තෝරා ගන්නා මට්ටමකදී සුළු වෙලාවක් විදුලිය විසන්ධි කර තැබීමයි. මේ විදුලිය ආරක්ෂා කරගන්නා මට්ටම රාත්‍රී කාලයේදී හා දවල් කාලයේදිත්, ශීතකරණයේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඇති අවස්ථාවකත් අවශ්‍ය පරිදි සකසා ගන්න පුළුවන්. එතකොට ශීතකරණයේ සීතල පහත නොබසින විදිහට විදුලි බලය ආරක්ෂා වෙනවා. තේරුම් ගන්න ඕන මෙය ශීතකරණයක තියන සිසිලස පාලනය කරන තර්මොසෙට් උපකරණයට වඩා වෙනස් එකක් බව. තර්මොසෙට් උපකරණයෙන් සිද්ධ වෙන්නේ උෂ්ණත්වය පාලනය කිරීමක්. එහෙම නැතිව බලශක්තිය ඉතිරි කිරීමක් නොවේ. ”කිලර් වොට් ” උපකරණයෙන් වෙන්නෙ බලශක්තිය ඉතිරි කරමින් කාල කළමණාකරණය කිරීමක්.

ෆ්‍රිජ් එකකට විදුලිය ලබාදීම හෝ විසන්ධි කිරීම සරල ටයිමරයක් මගින් කරන්නත් පුලුවන් . එහෙත් ඒ මගින් ශීතකරණයේ කොම්ප්‍රෙසරයට හානි වෙන්න පුළුවන්. ”කිලර් වොට් ” උපකරණය ශක්ති සංවේදයක පරිපථයක් මගින් හැම වෙලාවෙම කොම්ප්‍රෙසරයට යන විදුලි බලය මනිනවා. සුදුසුම අවස්ථාවේදී විතරක් ශීතකරණයට ලැබෙන විදුලිය විසන්ධි කිරීම හෝ විදුලිය ලබා දීම සිදු කරනවා. මේ නිර්මාණය ගැන වැඩි තොරතුරු අපි www.bravosl.com වෙබ් අඩවියෙන් ප්‍රකාශ කරලා තියනවා. ”

බල ශක්ති අර්බුධයට ලෝකයම පිළියම් සොයන මෙවැනි අවධියක ශ්‍රී ලංකේය විදුලි ඉංජිනේරුවකු විසින් නිෂ්පාදනය කළ මෙම උපකරණය දෙස මේ වන විට ලෝකයේම අවධානය යොමු වී ඇත. එහෙයින්ම විවිධ ජාත්‍යන්තර සමාගම් මගින් මෙහි පේටන් අයිතිය පවා ඉංජිනේරු කමල් එදිරිසිංහගෙන් ඉල්ලා තිබුණද දේශීය කර්මාණ්තයක් ලෙස මෙම නිෂ්පාදනය දියුණු කිරීමේ අරමුණින් මේ වනවිට ග්‍රාමීය තරුණ තරුණියන් කීප දෙනකුටද රැකියා අවස්ථා සම්පාදනය කරමින් කමල් එදිරිසංහගේ උපදේශක්තවය යටතේ බ්‍රාවෝ සොලියුෂන්ස් ආයතනය විසින් ”කිලර් වොට් ” යණ්ත්‍රය නිෂ්පාදනය කිරිම ආරම්භ කර ඇත.

මොරටුව ඉංජිනේරු පීඨයෙන් ඉලෙකිට්‍රොනික් ඉංජිනේරු උපාධිය ලබා ගත් කමල් එදිරිසිංහ ලෝකය හමුවේ ඇගැයීමට ලක්වූවෙකි. මෘදුකාංග සැලසුම් ශිල්පියෙක් ලෙස නෝර්වේ සීමන්ස් ආයතනයට ලද තුන් මසක ශිෂ්‍යත්වයකින් පසුව ස්වීඩනයේ එරික්සන් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙසත්, ඇමරිකාවේ නවිනි නෙට්වර්ක් ආයතනයේ ආසියා පැසිපික් කලාපය භාර ඉංජිනේරුවරයා ලෙසත්, මයික්‍රොසොෆ්ට් සමාගම හැරුණු විට ලොව දැවැන්තම මෘදුකාංග සමාගම වන ඇමරිකාවේ සිස්කෝ සිස්ටම්ස් ආයතනයේ එක් අංශයක ආසියාපැසිපික් කලාපය භාර ඉංජිනේරුවරයා ලෙසත්, කටයුතු කළේය. මේ වන විට එක්ස්ට්‍රීම් නෙට්වර්ක් නැමැති ඔස්ට්‍රේලියානු ආයතනයේ ප්‍රධාන ජාල ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන කමල් මත්තල ගුවන්තොටුපළේ පරිගණක පද්ධතිය අන්තර්ජාල පද්ධතිය හා දුරකථන පද්ධතිය ජාලගත කළ ඉංජිනේරුවරයාය.

” කිලර් වොට්” උපකරණයට අමතරව ගෘහ විද්‍යුත් උපකරණයක් අවශ්‍ය ඕනෑම වෙලාවකදි පණගැන්වීම හෝ බලය විසන්ධි කිරීම ස්වයංක්‍රීයව සිදුකළ හැකි time trap උපකරණය, , අකුණු වලින් ඔබගේ විදුලි උපකරණ ආරක්ෂා කරන අන්තර්ජාතික ප්‍රමිති සහතික වලින් පිදුම් ලැබූ “ක්ලීන් පවර්” උපකරණය වැනි නව නිපැයුම් ගණනාවක් නිර්මාණය කර ඇති බ්‍රාවෝ සොලියුෂන් ආයතනය එළවළු පලතුරු කල්තබාගත හැකි විජලකයක් ද නිර්මාණය කර ඇත. මේ විජලකය පිළිබඳ තාක්ෂණික දැනුම රටත් එක්ක බෙදා ගැනීමට සූදානමින් සිටින කමල් එදිරිසිංහ 077 – 0 884 303/ 071 7 804 303 අංකයන්ට අමතා ඒ පිළිබඳ මෙන්ම බ්‍රාවෝ සොලියුෂන්ස් හි නිෂ්පාදනය කරන ඕනෑම නිෂ්පාදනයක් පිළිබඳ විමසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News