එජාපයේ දෙවන පෙල ශක්තිමත් බව නවීන් කියයි

Share

එක්සත් ජාතික පක්ෂය තුළ දෙවන පෙල ශක්තිමත් නායකයින් රැසක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසීය.

නවින් දිසානායක අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ (01)  තලවකැලේ විද්‍යා සේකර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ  රුපියල් මිලියන 8 ප්‍රතිපාදන යටතේ  ඉදි කරන ලද ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙල ශක්තිමත් නායකයින් සමඟ වත්මන් රජය ශක්තිමත් ලෙස පවත්වාගෙන යන අතරතුර එක්සත් ජාතික පක්ෂයද ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

දේශාපලඥයන් විවිධ මත දරන පුද්ගලයන් බවත්, ඇතැම් දේශාපාලඥයන් කපටිකමින් ජන්ද දායකයින් මුලා කර ජන්දය ලබා ගන්නා පිරිසක් බව අමාත්‍යය නවින් දිසානායක මහතා සඳහන් කළේය.

ඉංග්‍රිසි භාෂාවට වඩා ලෝකයේ චින භාෂාව ඉදිරියට පැමිණ ඇති බවත්, චින භාෂාව ඉගෙන ගැනීම තුළින් රැකියා ලබා ගැනිමේ අවස්තාව උදාවන බවයි නවින් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍යය නිලධාරින් රැසක් මේ වන විටත් චින භාෂාව ඉගෙන ගනිමින් සිටින බවත්, නුවරඑලිය ගාමිණි දිසානායක අභ්‍යාස ආයතනයේ දැනට ඉගෙන්විම් කටයුතු කරන ඉංග්‍රිසි භාෂාවට අමතරව චින භාෂාව ඉගෙන්විමට කටයුතු කරන බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේය.

Read more

Local News