අඟහරුවාදා උතුරේ පාසල් වෙත අතිරේක නිවාඩුවක්

Share

ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් උතුරේ සියලු පාසල් වෙත අතිරේක නිවාඩු දිනයක් ලෙස අඟහරුවාදා දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාගවන් මහතා සහ පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.

එම නිවාඩු දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලු පාසල් පැවැත්වීම පිළිබඳ දැනුම් දෙන බව ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධාන සැමරුමක් වන ශිව රාත්‍රී දිනය හෙටට යෙදී ඇති බැවින් ඒ වෙනුවෙන් සියලු පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.

Read more

Local News