කේරළ ගංජා සමඟ 2ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

ඊයේ(03) රත්ගම නගරාසන්න ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් රත්ගම, පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් හා එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

මෙම පුද්ගලයින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 30 සහ 21 වන වියෙහි පසුවන මෝදර, දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ගංජා තොගය සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරු පැදිය ඉදිරි කටයුතු සඳහා රත්ගම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News