සම්භාහන මධ්‍යස්ථානයක ගින්නක්

Share

වෙන්නප්පුව පොලිස් වසමේ, අංගම්පිටිය හන්දියේ පිහිටි මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලක දෙවන මහලේ සම්භාහන මධ්‍යස්ථානයක ඊයේ(03) රාත්‍රී 8.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.

වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රීයාත්මක වූ පොලීසිය, වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ ගින්නේන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ .

වෙන්නප්පුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News