ජීව අත්බෝම්බයක්, මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙක් දැලේ

Share

බුංගුරිය, කහවත්ත ප්‍රදේශයේදී විදේශිය රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සහ නීති විරෝධි මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක තිබී මෙම ජීව අත්බෝම්බය සමඟ නීති විරෝධි මත්පැන් මිලිලීටර් 15000ක ප්‍රමාණය සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු කහවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

ඔහු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News