මෙරට සෞඛ්‍ය සේවා නංවාලීමට ජපානයේ සහයෝගය

Share

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ජපානය රුපියල් මිලියන 20,000 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ පිළිබඳව ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දෙන ලදි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අතර, මෙම මුදල “ජයිකා” ව්‍යාපෘතිය යටතේ ලබාදෙන බව ප්‍රකාශ කළේය.

තව ද වසර 2020 ට පෙර අති නවීන ශල්‍යාගාරයක් ද ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවාවට ජපානය ලබාදෙන සහයෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය.

Read more

Local News