දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම්

Share

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලබා පැමිණෙන විට අනෙක් වෛද්‍යවරුන්ට මෙන් සියලු පහසුකම් නොතිබුණ බවයි.

එම පහසුකම් දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට ලබාගැනීමට තමන්ද සටන් කළ බවත් අදියරෙන් අදියර ඉල්ලීම් දිනා ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

පැය 24 සේවාව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට ලබාගැනීමත් සමඟ නිල නිවාස පවා හිමි වු බවත් වර්තමානයේ අනෙක් වෛද්‍යවරුන් මෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ද සම මට්ටමේ සිටින බවත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ටද සම අයිතිවාසිකම් හිමි වී තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

Read more

Local News