නීති වීරෝධීව මසුන් අල්ලමින් සිටි විදේශීකයෙක් අත්අඩංගුවට

Share

රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී (White Jungle Beach) ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද(04) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබූ ස්පියර් ගන් උපකරණය හා අල්ලන ලද මසුන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම විදේශිකයා අවුරුදු  53ක පමණ වයසැති යුක්රේන් ජාතිකයෙකු බව තහවුරු කරගෙන ඇත.

අත්අඩංගුවට පත් විදේශීය ජාතිකයා, ස්පියර්ගන් උපකරණය සහ අල්ලන ලද මසුන් ඉදිරි කටයුතු සඳහා ගාල්ල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.

Read more

Local News