දැන්නම් හොරා ඕන වෙනවා හැමෝටම – මහින්ද

Share

තමන්ට පසුගිය කාලයේදී වචනයක් නෑර හොරා යැයි කියපු අයට තමන්ව දැන් වුවමනා වී ඇතැයි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අනුරාධපුර ව්‍යාපාරික සමුළුව සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

“ මුළු රට පුරාම මත්ද්‍රව්‍ය ගලාගෙන එන්න පටන් ගත්තා. ඇතැම් අය කියනවා 19 නිසා කඩු දැන් අල්ලනවා කියලා. 19 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ආණ්ඩුව පැමිණි කාලයේදී දින 100 තුළයි. කුඩු නැග්ගේ 19න් පස්සෙයි. ඒකයි ඇත්ත කථාව.

කොහොම වුණත් කුඩු නිසත් මේ ආණ්ඩුව කුඩේ කුඩු වෙනවා ඒක තමයි ඇත්ත කථාව. FCID එක දාලා කළේ හොරා හොරා හොරා කිව්වා වචනයක් නෑර හොර කිව්වා. දැන්නම් හොරා ඕන වෙනවා හැමෝටම.”

Read more

Local News