නෝර්වේජියානු විදේශ සබඳතා රාජ්‍ය ලේකම් අද දිවයිනට

Share

නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීන් හේගන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණිමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නෝවේජියානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ඇයගේ මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වන බවයි.

මීට අමතරව මැරීන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතයි.

නෝවේජියානු රජයේ අනුග්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැළසුම් කර ඇත.

Read more

Local News