කුඩු සමඟ කතුන් 2ක් දැලේ

Share

අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර බන්ධනාගාර භූමිය තුළදී, හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 297ක් සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිනියන් වයස අවුරුදු 40ක සහ 68ක කාන්තාවන් දෙදෙනෙක් බවටයි වාර්තා වන්නේ.

මෙම සැකකාරිනියන් දෙදෙනා බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුට ලබාදීම සඳහා රැගෙන යන ලද පාන් ගෙඩියක් තුළ සඟවාගෙන මෙම හෙරොයින් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

සැකකාරිනියන් අද(05) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරනු ලබයි.

Read more

Local News