වෙළෙඳපොළේ කිසිදු සහල් හිගයක් නොමැත – අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසුවේ පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් මිලියන 1,360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපො-ළට නිකුත් කර ඇති බවයි.

එළඹෙන දෙසැම්බර් මාසය ආරම්භ වන විට තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් 50,000ක් සම්බා සහල් මෙට්‍රික් ටොන් 30,000ක් , සුදු කැකුළු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන බවත්, වෙළෙඳ පොළේ කිසිදු සහල් හිගයක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

දේශීය සහල් මිල ඉහළ මට්ටමක පැවතියද උසස් තත්ත්වයේ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රු. 65 කටද නාඩු සහල් කිලෝවක් රු. 74කටද, සම්බා සහල් කිලෝවක් රු. 78 කට ද ලංකා සතොස අලෙවි කරන බවත් අමාත්‍යවරයා පවසයි.

සහල් මිල ඉහළ මට්ටමක පවතින බවට මතයක් පැවතියද එසේ ඉහළ මිලක් පවතින්නේ දේශිය සහල් වල පමණක් බවත් උසස් තත්ත්වයේ ආනයනික සහල් ඉහත මිල ගණන්වලට ලංකා සතොස හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින්, මිලදී ගත හැකි බවද බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read more

Local News