මෙවර අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු සඳහා විසුදම් ලබාදීමට කටයුතු කර නොමැති බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.
එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ අයවැය සකස් කිරිමේදී තම අදහස් සහ යෝජනා ලබා ගත්ත ද එ්වා සඳහා විසදුම් ලබාදී නොමැති බවයි.
ඊට විරෝධය පල කරමින් ලබන 13 වනදා සියළු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවිමට තීරණය කළ බව මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර මෙවර අයවැය යෝජනාවලියට අනුව වාහන මිල විශාල ලෙස ඉහල යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් වාහන ආනයනය ද විශාල ලෙස සීමා වනු ඇති බවයි.